මස් පිණිස ගවයින් ඝාතනයේදී ගවයින්ට දැනෙන වේදනාව අවම කිරීමට නවීන යන්ත‍්‍ර භාවිතා කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ස්වර්ණා බෝපිටිය පදනමේ සභාපතිනිය වන ස්වර්ණා බෝපිටිය මහත්මිය වන අතර අධිකරණ බුද්ධ ශාසන ඇමැති හා නීතිපති පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙෂ නම් කර ඇත.
මෙරට ගවයින් ඝාතනය කරන්නේ පහර දීමෙන් පසු ඉතා වේදනාකාරී ලෙසින් බවත් විදේශයන්හි ගවයින් ඝාතනය කරන්නේ වේදනාව අවම වන ලෙස විවිධ යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරමින් යයිද පැමිණිල්ලේ දැක්වෙයි.








