FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමට පියවර.

පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු කඩිනමින් පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, අධීක්ෂණ කමිටු සඳහා එක් එක් පක්ෂයෙන් පත් කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තීරණය කිරීමට නියමිත බව ය.

ඒ සඳහා පත් කරන මන්ත්‍රීවරුන් කවුරුන් ද යන්න තීන්දු කිරීම එක් එක් පක්ෂය මගින් සිදුකරනු ඇති.

සියලු අමාත්‍යාංශවල කටයුතු නිරීක්ෂණය කිරීම මෙම කමිටුවලට පැවරීමට නියමිත ය.

විවිධ අණපනත් ඇතුළු අමාත්‍යංශවල සිදුකෙරෙන සැලසුම් සොයා බැලීම ද අධීක්ෂණ කමිටුවලට පැවරෙන කාර්යයන් අතරට අයත් වෙයි.

අධික්ෂණ කමිටු සඳහා පත් කරන සාමාජිකයන්ගේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නියෝජනය බෙදී යන ආකාරය තවමත් තීරණයකට එළැඹ නොමැති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේ ය.