පිටකොටුව, බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ අංගණය බස්නාහිර පළාත් සභාවට පවරාගත් බව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ස්ථානය මධ්‍යම රජයට පවරාගෙන තිබුණු අතර, එය බස්නාහිර පළාත් සභාව යටතට පවරාගැනීමට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී එම ස්ථානයේ නතර කරන පෞද්ගලික බස් රථ සඳහා ටිකට්පත් නිකුත් කරන ලෙසද මහ ඇමතිවරයා නිලධාරීන්ට දන්වා ඇත.








