FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ජනරජ දිනයට සහභාගී වන ප්‍රංශ ජනපතිට අයි.එස් තර්ජන.

ජනවාරි 26 වනදාට යෙදී ඇති ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවන ප්‍රංශ ජනාධිපති ප්‍රාංශුවා හොලන්ඞ්ට අයි එස් සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන බවට තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයාට සැපයීමට නියමීත ආරක්ෂාව නැවත ඇගයීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං පියවර ගත් බව එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ජනපතිවරයාට ආරක්ෂාව දැඩි කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවත්වූ සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රාන්ත දහතුනේම පොලිස් ප්‍රධානීන් සහභාගි වී තිබේ.