FAST NEWS

24×7 Around the Globe

මාළඹේ වෛද්‍ය සිසුන්ගේ පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසර ලබා දීමට කටයුතු කළේය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණය හමුවේ එකගතාවය පළ කර පසුව ඊට අදාළ කටයුතු සිදු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇති බව පවසමිනුයි මෙම පෙත්සම් ගොනුකර තිබුණී.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවිස්සාවේල්ල මූලික රෝහලේ සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සායනික පුහුණුව ලබාදීමට මෙවන විට සෞඛ්‍ය අමාත්‍යාංශය එකගතාවය පළ කර ඇත.

මෙම නිසා තවදුරටත් පෙත්සම් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් අතර එ අනුව අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්හ.