ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර් අද (14) එහි පැමිණියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ද අද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණත් ඔහු අද එෆ්සීඅයිඩියට නොපැමිණි අතර ඒ වෙනුවෙන් වෙනත් දිනයක් ඉල්ලා තිබිණි.







