ඇඹිලිපිටියේ ප්‍රශ්නයට මැදි වී සිටින සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් සී ධර්මරත්න රත්නපුර කොට්ඨාසයේ සිට කුලියාපිටිය කොට්ඨාසයට මාරු කරනු ලැබ සුළු වේලාවකට පසු පොලිස් මූලස්ථානයට මාරු කරනු ලැබීය.පොලිස්පතිවරයා ඒ බව විශේෂ පොලිස් පණිවිඩයකින් දැනුම් දුන්නේය.
තවත් සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක්ද, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් ද, පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
සහකාර පොලිස් අධිකාරී පී එම් ඒ කීර්ති බංඩාර කුලියාපිටිය කොට්ඨාසයේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාසයටද, සහකාර පොලිස් අධිකාරී එම් වී ආර් යූ එන් ආරියරත්න කොළඹ මධ්‍යඹ කොට්ඨාසයේ සිට රත්නපුර කොට්ඨාසයටද, සහකාර පොලිස් අධිකාරී එල් කේ ඩී අනිල් ප්‍රියන්ත රත්නපුර කෙට්ඨාසයේ සිට ඇඹිලිපිටිය කොට්ඨාසයට ද මාරු කරනු ලැබූහ.







