FAST NEWS

24×7 Around the Globe

දින 90ක කාලය තුළ පොලීසියට එරෙහිව පැමීණීලි 650ක්.

ගෙවී ගිය දින 90ක කාලය තුළ පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසමට මහජනතාව පැමිණිලි 650කට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙන බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

එහෙත් මහත් ආන්දෝලනයකට ලක්වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලීසිය සහ මහජනතාව අතර ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී නොමැති බවද පවසා සිටියේය.

එසේ වුවද ජනමාධ්‍ය තුළින් එය ප්‍රචාරය කිරීම නිසා අදාළ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණ අවසන් වූ වහාම ජාතික පොලිස් කොමිසම විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.