FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටි විමර්ශනයට අදාළ වාර්තාව සදුදා දිනට පෙර.

ඇඹිලිපිටිය පොලීසිය සමඟ ඇති වු ගැටුමකදී ජීවිතක්ෂයට පත් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළ වාර්තාව ලබන සදුදා දිනට පෙර ලබා දෙන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් උපදෙස් ලබාදී තිබේ.

එම විමර්ශන කටයුතු ලබන 18 වන දිනට පෙර අවසන් කර අදාළ වාර්තා තමන්ට භාරදෙන ලෙසයි පොලිස්පති එන්.කේ ඉලංගකෝන් දැනුම්දී ඇත්තේ.

මිට අදාළ පොලිස් පරික්ෂණ සබරගමුව පළාත භාර ‍ජ්‍යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ අධික්ෂණය යටතේ සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ද පරික්ෂණ සිදු කරනු ලැබේ.