FAST NEWS

24×7 Around the Globe

ඛනිජතෙල් හෝ පෙට්‍රෝලියම් ආයතන පුද්ගලීකරණය කරන්නේ නැ-නියෝජ්‍ය ඇමති

රජය සතු ඛනිජතෙල් ව්‍යාපාරය හෝ පෙට්‍රෝලියම් ආයතන පුද්ගලීකරණය කිරීමට සූදානම් වනවා යැයි ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන්ගේ අංශමාත්‍ර සත්‍යයක් හෝ නොමැති බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් ඇගයීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති රන් තිලිණ ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියේ, ආයතන පුද්ගලීකරණය නොකළ ද එහි සේවකයින් සියලූ දෙනා පුද්ගලික අංශය තුළ දක්නට ඇති ඵලදායීතා මට්ටම් සහ කාර්යක්ෂමතා මට්ටම් කරා ලඟා වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.