FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීම ආරම්භවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කොළඹ දිස්ත්‍රික් සැසිවාරය ලබන සතියේ ආරම්භ වීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් විමසීමට තීරණය කර ඇති අතර ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලබන 18 වන දින සිට 22 වන දින දක්වා කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි විසුම්පායේදී අදාළ අදහස් විමසීම් සිදු කරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සඳහන් කර තිබේ.

උදෑසන 09.30 සිට පස්වරු 04.30 දක්වා මහජන අදහස් ලබාදිමට හැකියාව පවතින බව ද එම කමිටුව සඳහන් කර ඇත.

මෙම මහජන අදහස් විමසීමේ සැසිවාරය සඳහා එක්වන ලෙස එම කමිටුව සියලුම මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වාචික අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරිමේදී සාරාංශයක් සමඟ ලිඛිතව ද අදහස් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධව 011 2 43 76 76 දුරකතන අංකයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර 011 2 32 87 80 යන ෆැක්ස් අංකය මඟින් යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බව ද එම කමිටුව සඳහන් කර තිබේ.