FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රී නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක්.

කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකුගේ නිවසකට අද අළුයම 12.15ට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

එලෙස ප්‍රහාර එල්ල වී ඇත්තේ කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත‍්‍රී විරාජ් ප්‍රෙස්ටියන්ගේ නිවසටය.

එම අවස්ථාවේදී හිටපු මන්ත‍්‍රීවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් නිවස තුළ සිට ඇති අතර අත්බෝම්බය නිවසේ ආලින්දයේදී පුපුරාගොස් ඇත.

කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

ප‍්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.