FAST NEWS

24×7 Around the Globe

රායප්පු ජෝශප් පියතුමා විශ්‍රාම යයි.

මන්නාරම රඳගුරු ලෙස කටයුතු කළ රායප්පු ජෝශප් පියතුමා විශ්‍රාම ගොස් තිබේ.

රායප්පු ජෝශප් පියතුමා ඊයේ(14) දිනයේ විශ්‍රාම ගොස් ඇති බව මන්නාරම කිතුනු පාලක සභාව පවසයි.

1992 වසරේ ජුලි මස 06 වනදා මන්නාරම රඳගුරු ධුරයට පත් වූ රායප්පු ජෝශප් පියතුමා වසර 24 කට ආසන්න කාලයක් එම ධුරයේ කටයුතු කර ඇත.

75 හැවිරිදි රායප්පු ජෝශප් පියතුමාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වන මන්නාරම රඳගුරු ධුරය සදහා ත්‍රිකුණාමලය දිශාව භාර රඳගුරුවරයා ලෙස කටයුතු කළ ජෝශප් කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා පත් කරන බව වතිකානය පසුගියදා නිවේදනය කර තිබේ.