FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛයිපොංගල් සමරයි.

ලොව පුරා හින්දු බැතිමතුන් අද (15) තෛයිපොංගල් උත්සවය සමරනවා. ත්‍රෙයි මාසය නොහොත් දුරුතු මාසයේ පවත්වන තෛයිපොංගල් උත්සවය ආගමික සංස්කාතික මෙන්ම සමාජයීය වශයෙන් ගත් කළද අසිරිමත් උත්සවයක්.

හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පුද කරමින් හින්දු බැතිමතුන් සිය අස්වැන්න සරුසාර කර ගැනීමට දායක වූ වර්ෂාව, ගව මාංශ ආදී සතුන් ඇතුළු සමස්ත සොබාදහමට ස්තුතිය පළ කිරීමද මෙහිදී සිදු කෙරනවා.

සූර්ය වන්දනාවටද මෙහිදී හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයක්.