මෙවර 2016 අයවැය යෝජනාට අනුව එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සඳහා වූ සංශෝධන පනත් පාර්ලිමේන්තුවේ සම්මත වනතුරු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජීවන වියදම කෙරෙහි ඇතිවන බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට පියවර ගත් බවයි.







