මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ගබඩා කර තිබූ වී තොග ඉවත් කිරීමේ කටයුතු අද (14) ආරම්භ විය.
වී අලෙවි මණ්ඩලය මගින් 2014-09-02 වී මෙට්ට්‍රික් ටොන් 4000 ක් ගබඩා කර තිබූ අතර එය මහත් ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් ද විය.
පශු සමපත් හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් වී තොග ඉවත් කිරීම සිදු වූ බව අප වාර්තාකරු සඳහන් කරයි.








