රහස් පොලිසියට අවශ්‍ය තොරතුරු නොදීම සම්බන්ධයෙන් හමුදාපති ක්‍රිශාන්ත සිල්වා මහතාට නඩු පැවරිය හැක්කේ නීතිපති උපදෙස් මත පමණක් යෑයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මෙතෙක් අවසර දී නැත.
මෙයට පෙර 2002 වසරේදී හමුදාපතිව සිටි ලයනල් බලගල්ල සහ බුද්ධි ප්‍රධානි කපිල හෙන් විතාරණට එරෙහිව අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිසිය සූදානම් වූ අවස්ථාවේ ආරක්ෂක රාජ්‍ය ඇමැති තිලක් මාරපන මහතා ඊට ඉඩදී නැත.
මෙම මිලේනියම් සිටි සිද්ධියේදී පොලිසිය ලබාගත් බුද්ධි රහස් වාර්තා රැසක් සහ ඔත්තුකරුවන්ගේ නම් පිටස්තර පාර්ශ්ව වෙත ලැබී තිබූ බව ආරක්ෂක හමුදා ආරංචි මාර්ග පැවසීය.








