FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හයදෙනෙක්ට ඇමති ධුර.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙක්‌ නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ ලබාගෙන ඉදිරි සති දෙක ඇතුළත ආණ්‌ඩු පක්‍ෂයට එකතු වීමට නියමිතව සිටිති.

මෙම මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා නියෝජ්‍ය ඇමැතිධුර 6 ක්‌ මේ වන විටත් සූදානම් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් හයදෙනා රජයේ ඉහළම දේශපාලනඥයන් කීපදෙනකු සමඟ රහස්‍ය සාකච්ඡා කීපයක්‌ම මේ වන විට පවත්වා ඇති අතර අදාළ නියෝජ්‍ය ඇමැති ධුර භාර ගැනීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.

ආරංචි මාර්ග පවසන අන්දමට මෙම මන්ත්‍රීවරුන් හයදෙනා ගාල්ල, රත්නපුර, අම්පාර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.