FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිලගේ හිරුනිකා ගැන මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝපට අධිකරණයට.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල උසාවියට අපහාස කළැයි නීතිඥ අමිල ඉන්දික මහතා පොලිසියට අද (13) පැමිණිලි කළේය.

පොලිසිය ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට කරුණු වාර්තා කළේය.

එම පුවත්පත් සාකච්ඡාවේ සංස්කරණය හා නොකළ වීඩියෝ දර්ශන හා වෙනත් වාර්තා පොලිසියට බාරදෙන්නැයි මහේස්ත්‍රාත්වරයා මාධ්‍ය ආයතනවලට නියෝග කළේය.