FAST NEWS

24×7 Around the Globe

අමෙරිකානු නාවික හමුදා නාවිකයින් 10ක් ඉරානයෙන් රඳවා ගනී.

අමෙරිකානු නාවික හමුදාවට අයත් යාත්‍රා 2ක සිටි නාවිකයින් 10 දෙනෙකු රඳවා තබා ගැනීමට ඉරානය පියවර ගෙන තිබේ.

තම නාවික හමුදාවට අයත් කුඩා යාත්‍රා 2ක් කුවෙට් සිට බහරේනය බලා යාත්‍රා කරමින් තිබියදී යාත්‍රා සමග තිබූ සියලු සන්නිවේදන සබඳතා බිඳවැටුණු බවයි අමෙරිකා බලධාරීන් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ.

ගල්ෆ් මුහුදේදී අදාළ යාත්‍රා 2 සිටි නාවිකයින් පිරිස ආරක්ෂිතව සිටින බවට ඉරානය අමෙරිකාවට දැනුම් දී ඇතැයි ද අදාළ බලධාරීන් පවසා තිබේ.

ඉරානය පවසා ඇත්තේ, ඔවුන්ට තම සංචාරය අඛණ්ඩව සිදුකිරීම සඳහා අවසර ලැබෙනු ඇති බව  ද විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම වාර්තා වූ සැනින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉරාන විදේශ අමාත්‍ය ජාවේද් සාරිෆ් සමග දුරකතනයෙන් සාකච්ඡා කර තිබේ.