FAST NEWS

24×7 Around the Globe

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් නගී.

අද(13) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියලකින් ඉහළ දැමිමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඊයේ  (12) පස්වරුවේ තම සාමාජිකයින් රැස්වී මේ තීරණයට එළැඹි බව ය.

ඒ අනුව දැනට ග්‍රෑම් 450ක බරකින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් 54 ක් වන අතර එය අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 55 දක්වා ඉහළ යනු ඇති.