ත්‍රස්ථවාදී බාධක පනත යටතේ පොලිසිය විසින් රිමාන්ඩ් භාරයේ තබා ඇති දෙමළ ජනතා කොටි සංවිධාන පක්ෂයේ මහ ලේකම් පූපාලපිල්ලෙයි ප්‍රසාන්තන්ව මඩකලපුව අධිකරණය මගින් ජනවාරි 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මඩකලපුව ආරයම්පදියේ 2008 වසරේ දෙසැම්බර් මස 29 වන දින රජයේ පාසැලක ගුරුවරයෙකු වන තමිල්නාඩු නම් වූ ක්‍රිෂ්ණපිල්ලෙයි මනෝහර් ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.
මේ සම්බන්ධයෙන් ක්‍රිෂ්ණපිල්ලෙයි මනෝහර්ගේ සහෝදරියෙකු කාත්තාන්කුඩි පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මෙම පැමිණිල්ලට අනුව පරීක්ෂන සිදුකල කාත්තාන්කුඩි පොලිසිය පූපාලපිල්ලෙයි ප්‍රසාන්තන්ව අත් අඩංගුවට ගත්හ.








