FAST NEWS

24×7 Around the Globe

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළට.

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් එලෙස බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බව ය.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් පහකින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු කියා සිටියේය.