වැලිමඩ නගරයේ සුරාසලක ඇති වූ ආරවුලකින් පසුව අද (11)පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.
පසුගිය 31 වැනිදා ණයට මත්පැන් පානය සදහා එහි ගිය බව කියන 29 හැවිරිදි පුද්ගලයකු පහර කෑමට ලක්ව රෝහල්ගත කර සිටියදී ඊයේ (10) රාත්රියේ මිය ගියේය.
අනතුරුව ප්රදේශවාසීන් විසින් වැලිමඩ බණ්ඩාරවෙල පාරේ ඩයරබාවත්ත සමීපයේ එම සුරාසලට පහරදී ඇතැයිද ඉන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවූ බවද පොලිසිය පවසයි.
ඔවුන් ගස් කපාදමා මාර්ග අවහිරකර ඇති අතර වතු නාමපුවරු ද විනාශකර දමා ඇත.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ප්රදේශයේ ආරක්ෂාව සඳහා මේ වනවිට යොදවා තිබේ.








