FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප.

අත්අඩංගුවට ගනු ලැබූ මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් ඇප මත නිදහස්වී තිබේ.

අලුත්කඩේ අංක 2ක මහේස්ත්‍රාත් අධිකරණයට මොවුන් දෙදෙනා අද ඉදිරිපත් කළ අතර එහිදී එක් අයෙකුට ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් මත මොවුන් දෙදෙනා මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් විනිසුරු තීරණය කළ බව අප වාර්තාකරු පවසයි.