තම නිවසේ මෙහෙකාරියට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොණු කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීති විරෝධි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
සාධාරණ පරික්ෂණයකින් තොරව අදාළ චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති බවත් එම හේතුව මත තමන්ට එරෙහිව කොළඔ මහාධිකරණයේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවිමේ නියෝගයක් නිකුත් කරන ලෙස සරත් ද ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
අදාළ චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා තමන්ට අදාළ නීති රාමුව තුළ සිට කටයුතු කර ඇති බවත් නීතිපතිවරයා නීතිය අභිබවා ගොස් කටයුතු කර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.








