FAST NEWS

24×7 Around the Globe

අනුචිත ව්‍යවස්ථා සංශෝධනයකට පෙනී සිටින්නේ නැහැ – ඇමති අර්ජුන

රටට අනුචිත ව්‍යවස්ථා සංශෝධනයකට කිසිදු අයුරකින් පෙනි නොසිටින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද රටට අහිතකර කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා යොමු නොවන බවයි.

ශ්‍රී ලංකා වරයා අධිකාරියේ අද පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

කළු කොඩි දැමීමේ සංස්කෘතියක් ඇති කර රට ජාතිවාදයට යොමු කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පවසා ඇත.