FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී සමග මහින්දගේ සහාය ශ්‍රීලනිපයට – ඇමති දුමීන්ද

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාඡපක්ෂ යන දෙදෙනාම ජනපතිවරුන් ලෙස පත්වුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජනතාවගේ ඡන්ද වලින් බවත් ඒ නිසා ඔවුන්ට ඉදිරියේදී පැවැත්වෙන සියලු මැතිවරණ වලදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දිනවීමේ යුතුකමක් හා වගකීමක් ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

ගන්නෝරුවේ පැවැති සමුළුවකදී මේ බව පැවසූ අමාත්‍යවරයා පක්ෂය ශක්තිමත්ව සංවිධානාත්මක ලෙස ගොඩනගන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ හා වත්මන් සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් කීවේය.