FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂ රෙජිමයේ ලොකුම මිනිස්සු අත්අඩංගුවට ගන්නවා – ඇමති රාජීත

පසුගිය කාලයේද සිදු වූ මනුෂ්‍ය ඝාතන හා මාධ්‍යවේදී එක්නැළිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. කලුතරදී ඊයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.

“පසුගිය කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය වැනි කරුණු සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජිමයේ ලොකුම මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. එලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම්වීම නිසා ඔවුන් කැලඹිලා සිටින්නේ. එම නිසා රට තුළ විවිධ ගැටලු මතු කරනවා.

සුදු වෑන් සංස්කෘතිය දැන් නැහැ. වැරදිකරුවන්ට දඬුවම්දීම අධිකරණය සතුයි. දේශපාලන පළිගැනීමේ නතර කළා. රැකියා නැති කළේ නැහැ. හොරකම් කළ අය අල්ලන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. මටත් තියෙන ප්‍රශ්නය ඒක තමයි”