දෙමටගොඩ දී රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සහායකයන් බව කියන අට දෙනා හඳුනා ගැනිමේ පෙරට්ටුවේ දී හඳුනා ගැනීමට සාක්කි කරුවෝ සමත් වූහ.
පරීක්ෂණ බොහෝ දුරට අවසන් වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත සැකකරුවෝ අට දෙනා මුදා හරිනු ලැබූහ.








