පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇයගේ මවට එරෙහිව ගොනු කර ඇති නඩුවක් මාර්තු මස 29 වන දින කැඳවීමට කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර තිබේ.
කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් අදාළ නඩුව ගොනු කර ඇති බව වාර්තා වේ.
තමාට අයත් ගොඩනැඟිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිය හා ඇයගේ මෑණියන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර යන අය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බවත්, එය තමාට නැවත ලබාදෙන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
පක්ෂ කාර්යාලයක් පවත්වාගෙනයාම සඳහා මොවුන් විසින් තමාට අයත් ගොඩනැඟිල්ලක් ලබා ගත් බවත්, එය නැවත තමාට දෙන ලෙස ඉකුත් පෙබරවාරි මස සිට ඉල්ලීම් කරනු ලැබුවද, එම ඉල්ලීම මෙතෙක් ඉටුනොවුණු බව පැමිණිලිකරුවන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.








