FAST NEWS

24×7 Around the Globe

ජනවාරී 08 සිට ගෘහස්ත විදුලි සබඳතාවට මූලික ගාස්තුවක් අය නොකෙරේ.

ජනාවරි 08 දා ජනාධිපති පදවි ප‍්‍රාප්තියට සමගාමිව සුහුරු මනුව (ස්මාර්ට් මීටර්) හඳුන්වා දෙන බවත්, ගෘහස්ත විදුලි සබඳතා මූලික ගාස්තුවකින් තොරව ලබාදිමට කටුයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

“අමාත්‍යාංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  “සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීමේදී වැයවන මුදලින් 25% ක් පමණක් අයකොට, ඉතිරි 75% ප‍්‍රමාණය වසර 5 ක් කාලයක් තුළ  සමාන වාරික වලින්  මාසික බිල්පත් සමග අයකර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම මූලික ගාස්තු නැතිවම  ඕනෑම අයෙකුට තම නිවසට විදුලිය ලබාදෙන්නත් අපි මේ මස 8 දා සිට සූදානම්. එම ගාස්තුව වසර 5 ක් ඇතුළත වාරික 60 කින් අය කර ගැනීමට අපි සූදානම්”