FAST NEWS

24×7 Around the Globe

පරරාජසිංහම් ඝාතනයට යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීයෙක් අත්අඩංගුවට.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක යුද හමුදා බුද්ධි අංශයේ සැරයන්වරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (04 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හමුදා සැරයන්වරයා, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති ශිවනේෂතුරේ චන්දකාන්තන් (පිල්ලෙයාන්) සමග කටයුතු කරමින් සිට පසුව යුද හමුදා බුද්ධි අංශය වෙත එකතු වූ නිලධාරියකු බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

මුස්‌ලිම් ජාතිකයකු වන මෙම හමුදා සැරයන්වරයා, ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා (MIC) කඳවුරේ සේවය කර ඇත.

පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට මොහු සම්බන්ධ බව හෙළි වී ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගෙන සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදීය.

පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පිල්ලෙයාන් ඇතුළු සිවු දෙනෙක්‌ මේ වන විට බන්ධනාගාර ගත කර සිටිති.

අත්අඩංගුවට ගත් යුද හමුදා සැරයන්වරයා රඳවා තබා ගැනීමේ නියෝග මත තබා ගෙන ප්‍රශ්න කරගෙන යයි.