90 දශකයේ මෙරට බිහි වූ ජනප්‍රියතම ගායකයෙකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මේ වන විට දැඩි සේ රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා. වෛදවරුන් පවසන්නේ මොළයට විෂබීජයක් ඇතුළු වීමෙන් මෙලෙස රෝගාතුරව ඇති බවයි. පෙම්වතුන් සිනා සේ ගීතයෙන් රසිකයින් හඳුනා ගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත සුදු මල් පොකුරක්, විජිතයේ ආදරේ, සඳ රේණු වැහෙනා ආදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කළා.
තම සොහොයුරාව රැක බලා ගැනීමට ප්‍රින්ස්ගේ නැගණිය ඔහුගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ආදර ගායන ශිල්පියා සුවපත් කර ගැනීම සඳහා උපකාර කරන ලෙසයි.
ප්‍රවින ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නන්ට ඔහුගේ සොහොයුරිය වන ශිරෝමි ප්‍රියංගිකා මහත්මියට ඇමතීමෙන් වැඩිදුර විස්තර දැනගැනීමට හැකිය.
දුරකථන අංකය – 076 9111838
ප්‍රින්ස් මහතාට උපකාර කිරීමට කැමැත්තන් දක්වන පුද්ගලයින්ට පහතින් දැක්වෙන ගිණුම් අංකය හරහා මුදලින් උපකාර කල හැකිය.
ගිණුම් අංකය – NSB
(ඇල්පිටිය ශාඛාව) – 1 0 0 9 4 8 8 0 3 8 6 2








