යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගැනීමටත්, ඉන්පසුව ජනමත විචාරණයකින් සම්මත කරගැනීමටත් ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතියක් ලෙස සම්මත වන්නේ පාර්ලිමේන්තුවෙන් සහ ජනමත විචාරණය යන අවස්ථා දෙකෙන්ම සම්මත වුවහොත් පමණි.
නව ව්‍යස්ථාව පූර්ණ ප්‍රජාත්‍රන්ත්‍රවාදීව සකස් කරන අතර, ඒ සඳහා සිවිල් ජනයාගේ අදහස් ලබාගැනීමට මේ වනවිටත් පුද්ගලයන් 24 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජීත් පී. පෙරේරා මහතා පැවසීය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීව නව ව්‍යවස්ථාව සකසන අතර, ඒ සඳහා රටේ සියලු ජනතාවට සහභාගි විය හැකි බවත්, අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් මෙම අවස්ථාව වැළැක්වීමට කටයුතු නොකරන ලෙස තමා විරුද්ධ මතධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්කිරීමේ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එළඹෙන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, දිනයක විවාදයකින් පසුව එය සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද අජීත් පී. පෙරේරා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.







