2013 වසරේදී සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සිදුවූනා යැයි කියන රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එහි හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු 3 දෙනෙකු මේ මස 11 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ, කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.







