FAST NEWS

24×7 Around the Globe

පාදඩකරණය වර්තමානය වනවිට එදාටත් වැඩියෙන් ක්‍රියාත්මකයි – ජවිපෙ

පසුගිය වසරේ ජනවාරි 08 වැනි දින රට තුළ අලුත් වෙනසක් ඇති කිරීමට ජනතාව ජනවරමක් ලබාදුන්නද, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනවරමට පයින් ගසා ගමනක් යන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ නිසා පසුගිය ආණ්ඩුව රට තුළ ක්‍රියාත්මක කළ පාදඩකරණය වර්තමානය වනවිට එදාටත් වැඩියෙන් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා එම ක්‍රියාමාර්ග නවතා දැමීමට ජනවාරි 08 වැනිදා විරෝධතා ජනරැලියක් සහ පාගමනක් සංවිධානය කර තිබෙන බවත් එම සංගමයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

නුගේගොඩ කොහුවල හංදියේ සිට නුගේගොඩ නගරය දක්වා විරෝධතා ජනරැලිය පැවැත්වෙන බවත්, ඉන් පසුව නුගේගොඩ නගරය තුළදී විරෝධතා රැලිය පවත්වන බවද ඔහු පවසා සිටියේය.