FAST NEWS

24×7 Around the Globe

නව දේශපාලන පක්ෂයක් ඇති කිරීමට සාකච්ජා නැහැ.

නව දේශපාලන පක්ෂයක් ඇති කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් සිදුවී නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා බොරැල්ලේ දී අද (04) පැවසීය.

ආණ්ඩුවේ කටයුතු හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති වැඩ කරන ජනතාව එක්කර ගනිමින් ජාතික මහා සමුළුවක් පැවැත්වීමේ සූදානමක් ඇතැයි ද ඔහු කීවේය.

ආණ්ඩුව රටේ දැවෙන ප්‍රශ්න යටපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ කතිතාවක් නිර්මාණය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.