FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන අගමැතිගේ සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව ය.

ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක වටරවුම, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත, ඉන්ද්‍රම් හංදිය, සද්ධර්ම මාවත, ප්‍රදීප මාවත, සංඝරාජ වටරවුම, පංචිකාවත්ත, මරදාන, ඩාලි පාර, ගාමිණී වටරවුම, ඩී.ආර්. විජේවර්ධන මාවත, රීගල් වටරවුම, පාසන් පාර 02, කොම්පඤ්ඤ වීදිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා අදාළ කාලය තුළ රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

මේ අතර හෙට දිනයේ ද මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඒ අනුව පාසන් පාර, රීගල් වටරවුම, බැංකු මාවත, ජනාධිපති මාවත සිට ගාලු මැදපාර දක්වා පෙ.ව. 8.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය තුළ රථ වාහන ධාවනය සීමා කෙරේ.

උදෑසන 11.30 සිට දහවල් 12.30 දක්වා එන්.එස්.ඒ. වටරවුමේ සිට කොල්ලුපිටිය හංදිය දක්වා ත් දහවල් 1.30 සිට පස්වරු 2.00 දක්වා කොල්ලුපිටිය හංදියේ සිට ගාලු පාරේ එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, ෂෙරමික් හංදිය, රීගල් වටරවුම, පාසන් පාර, කොම්පඤ්ඤ වීදිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා ත් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.