FAST NEWS

24×7 Around the Globe

ගිණිකොණදිග ඉන්දීයාවේ ප්‍රභල භූ කම්පනයක්.

ඉන්දියාවේ ගිණිකොණදිග ප්‍රදේශයේ මියන්මාර් හා බංගලාදේශ දේශසීමාව ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7 විශාලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

ඉන්දියානු වේලාවෙන් උදෑසන 4.35ට පමණ සිදුවී ඇති මෙම භූ කම්පනයෙන් ප්‍රදේශය පුරා ප්‍රබල කම්පන තත්වයක් ඇතිවී තිබේ. බංග්ලාදේශයේ ධකා නුවරට ද මේ කම්පන බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසන්නේ මෙහි අපි කේන්ද්‍රය මනිපූර් පළාතේ අගනුවර වන ඉම්පාල් නගරයට කිලෝමීටර 28ක් වයඹ දෙසින් පිහිටා තිබූ බවයි. පුද්ගලයකු මියගොස් ඇතැයි ද ගොඩනැගිලි රැසකට අලාභ සිදුව ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

තුවාල කරුවන් විශාල වශයෙන් රෝහල් වෙත ගෙන එමින් තිබෙන බව ද ඉන්දීය රජය පවසයි.

මෙම ප්‍රදේශය ඉන්දු යුරේසියානු භූ තල මායිමේ පිහිටා ඇති බැවින් වරින් වර මෙවැනි ප්‍රබල භූ කම්පන වාර්ථා වන බව පර්යේෂකයෝ පවසති.