FAST NEWS

24×7 Around the Globe

කීර්ති කාරියවසම්ගෙන් ඇමති කමක් ඉල්ලා ජනපතිට අත්සන් 44ක ලිපියක්.

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්ෂණ, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යධූරය තමාට ලබාදෙන්නැයි ඉල්ලා එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 44 දෙනෙකුගේ අත්සන් සහිතව ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ වෙත අමාත්‍යධූරයක් ලබාදීම මෙතෙක් කල් ප්‍රතිපත්තියක් ලෙස සිදුව ඇති නිසා මෙම අමාත්‍යධූරය ලංකා සම සමාජ පක්ෂ විකල්ප කණ්ඩායම නියෝජනය කරන තමන් වෙත පවරන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.