ඉන්දියාවේ වෙසෙන කෝටියකට ආසන්න වීදි දරුවන් හා කම්කරු දරුවන් උදෙසා පුවත්පතක් මුද්‍රණය වන බව වාර්තා වේ.
එහි විශේෂත්වය වන්නේ එහි ප්‍රධාන කතෘ ඇතුළු කතෘ මණ්ඩලය ද විදී දරුවන් වීමයි.
ඉන්දියානු රු 2.00කට මිල කර ඇති “බාලක්නාමා”(ළමා හඬ) නමැති මෙම පුවත්පත පිටපත් 5000කට වැඩියෙන් අලෙවි වන අතර එහි කතෘ වන්නේ 18 හැවිරිදි විදී දැරියක වන “චාන්ද්නි”යි.
දිල්ලියේ සිට ක්‍රියාත්මක වන මෙම පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ද විවිධ ප්‍රාන්තවල විදී දරුවන්ය.
වීදි දරුවන්ගේ පුවත්පතට මුදලින් යම් ආධාරයක් ලැබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයකින් පමණි.








