FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික වෛද්‍ය උපදේශන සේවා ගාස්තුවට සීමා පනවයි.

පෞද්ගලික වෛද්‍ය උපදේශන සේවාවල යෙදීමේදී රෝගීන්ගෙන් අය කරන ගාස්තු සඳහා සීමා පැනවීමට පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව පෞද්ගලික රෝහල්, පෞද්ලික වෛද්‍ය මධ්‍යස්ථාන, සහ උපදේශන සේවා මධ්‍යස්ථානවල විශේෂඥ වෛද්‍යවරුන් විසින් අයකරනු ලබන වෛද්‍ය උපදේශන ගාස්තුව රුපියල් 250 සිට 2000ක් දක්වා වූ පරාසයක පැවතිය යුතු බවට නිර්ණය කර තිබේ.

මීට අමතරව වෛද්‍ය උපදේශන සේවාවේදී අදාළ පෞද්ගලික රෝහල, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය හෝ උපදේශන සේවා ආයතන ගස්තුව රුපියල් 100 – 500 අතර පරාසයක් පැවතිය යුතු බවට නිර්නය කිරීමක් සිදු කර තිබේ.

මීට අමතරව පෞද්ගලික වෛද්‍ය උපදේශනයේදී විශේෂඥ වෛද්‍යවරයෙකු එක් රෝගියෙකු පරීක්ෂා කිරීම සඳහා අවම වශයෙන් විනාඩි 10 ක්වත් වැය කළ යුතු බවට ද නියාමනයක් පනවා තිබේ.

ඉහත නිර්ණයන් ක්‍රියාවට නංවන ලෙස 2014 වසරේ අග භාගයේ සිට අදාළ ආයතනවලින් ඉල්ලීම් කර ඇති බව පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලේකම් වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළා ය.

මෙම නිර්ණය කිරීම් ක්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරියේදී සෞඛ‍්‍ය ආමාත්‍යාංශ ඒ සඳහා සුදුසු නීතිමය පියවර ගනු ඇති බව ද ලේකම්වරියා වැඩිදුරටත් පැවසුවා ය.