FAST NEWS

24×7 Around the Globe

වර්ණසිංහගේ ඇමතිකම ගන්න සන්ධාන මන්ත්‍රීන් හයක් සටනේ.

බස්‌නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා යටතට පවරාගත් සෞඛ්‍ය අමාත්‍යංශය හා එහි විෂයපථය ලබාගැනීම සඳහා එම පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරු 6 දෙනෙක්‌ අතර අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

බස්‌නාහිර පළාත් ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට අයත් සෞඛ්‍ය හා අනෙකුත් අමාත්‍යංශ වල අයවැය පරාජයට පත්වීම නිසා මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා යටතට එම අමාත්‍යාංශ පවරා ගැනීමෙන් පසු පළාත් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් හය දෙනකු අතර ඒවා තමන්ට ලබාගැනීමේ සටන ඇරඹී තිබේ.

මෙම ඇමති ධුර ගම්පහ දිස්‌ත්‍රික්‌කයට ලැබිය යුතු බවට මන්ත්‍රීවරුන් වැඩි පිරිසක්‌ ඉල්ලා සිටින අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉදිරි දින කිහිපය තුළ පවත්වන සාකච්ඡාවකින් පසු මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.