පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නමින් 2011 වසරේදී හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන් අම්පාර නගර සභාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව පැවරීමට නියමිත නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලෙස පෙනී සිටිමින් අම්පාර නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තා විසින් නිලධාරියෙකුගේ ස්ථාන මාරුවීමක් අවලංගු කරන ලෙසට හිටපු ගුවන්හමුදාපතිවරයාට දුරකථනයෙන් දන්වා තිබෙන බවත්, ඒ පිළිබඳව හිටපු ගුවන් හමුදාපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ අනුව අදාළ නඩු පැවරීමට අවශ්‍ය ප්‍රකාශයක් ඊයේ (30දා) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නාමල් රාජපක්ෂ මහතාගෙන් ලබාගත් බවද හෙතෙම පවසා සිටියේය.








