විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරිමේ යෝජනාව ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කර එම විධායක බලය පාර්ලිමේන්තුව තෝරා පත් කර ගන්නා අමාත්‍ය මණ්‌ඩලයක් වෙත පවරනු ලබන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සකස් කිරීමේ පළමු පියවර වශයෙන් 21 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථා සම්පාදක සභාව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමේ යෝජනාව ජනවාරි 1 වැනිදා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසා ඇත.
ඊයේ (29) විදුලිබල අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ ය.







