FAST NEWS

24×7 Around the Globe

සීගිරි බිතු සිතුවම් ඡායාරූප ගැනීම තහනම්.

සීගිරි බිතු සිතුවම් ඡායාරූප ගැනීම අද(30) සිට තහනම් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි.

සීගිරි බිතුසිතුවම් ලෙන සම්බන්ධ මෙම තීරණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලැබුණු බව ඔහු පවසයි. විදුලි ආලෝකය එල්ලකර ඡායාරූප ගැනීමේන් එම සිතුවම්වලට හානි සිදු වෙතියි විශේෂඥයෝ කියති. සීගිරි බිතුසිතුවම් ලෙනේ බදාම තට්ටුවක් පසුගිය දා කඩා වැටිණි.