FAST NEWS

24×7 Around the Globe

අධි ආරක්ෂිත කලාපයේ තිබු අක්කර 700 යළි සිවිල් වැසියන්ට.

යාපනය, වලිකාමම් උතුරු පළාතේ යුධ හමුදාව විසින් අධි ආරක්ෂිත කලාප පිහිටුවා තිබූ ඉඩම් අක්කර 700ක් සිවිල් වැසියන්ට ලබාදීම සඳහා යාපනය දිස්ත්‍රීක් ලේකම්වරයා වෙත භාරදී තිබේ.

මෙම ඉඩම් වල යුද්ධයට පෙර පවුල් 300ක් පමණ ජීවත්ව ඇති අතර ඒවායේ මායිම් ගල් ඉවත් කර ඇති බැවින් යළි මැනීම් කටයුතු සිදුකර ජනතාවට භාරදීමට තීරණය කර ඇති බව යාපනය දිස්ත්‍රීක් ලේකම් නාගලිංගම් වේදනායගම් පවසා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා යාපනයේ කළ සංචාරයකදී ඉඩම් අහිමිව කඳවුරු වල ජීවත්වන උතුරේ ජනතාවට මෙම ඉඩම් ජනතාවට යළි ලබාදෙන ලෙසට උපදෙස් දී තිබුණි.

ඒ අනුව ඊයේ (30) දිනයේ අක්කර 700ක් පමණ වන සාමාන්‍ය ජනතාවගේ ඉඩම් යාපනය දිස්ත්‍රීක් ලේකම්වරයා වෙත භාරදීමට යුධ හමුදාව කටයුතු ඇති බව සඳහන්ය.

වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිවිල් යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාවට වසර 25කට පසුව ඊයේ දිනයේ තම මුල් ඉඩම් දැකබලාගැනීම සඳහා පැමිණීමට අවසර ලබාදී තිබුණි.