FAST NEWS

24×7 Around the Globe

වරකාපොල අනතුරින් 05ක් මරුට.

වරකාපොල, දුම්මලදෙණියේ අද (30) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මරණයට පත් ව තිබේ.

පිළියන්දළ සිට සෝමාවතියේ වන්දනා චාරිකාවක් යමින් සිටි බස් රථයක් හා සමන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුරු ව සිදුව ඇත.

කාන්තාවන් සිව් දෙනෙකු හා එක් පිරිමියෙකු අනතුරින් මරණයට පත් ව ඇති බවත් කුඩා දරුවෙකු ද ඒ අතර සිටින බවත් වාර්තා වේ. මරණයට පත් වූ සියල්ලන්ම වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් ය.

මෘත ශරීර වරකාපොල රෝහලේ තැන්පත් කර ඇති අතර අතර වරකාපොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.