FAST NEWS

24×7 Around the Globe

හෙට සිට පෙ.ව. 07.30 සිට 08.45 දක්වා බොරැල්ලේ රථ වාහනයට නව ක්‍රමයක්.(සිතියම)

හෙට (30දා) සිට සතියේ වැඩකරන දිනවල පෙ.ව. 07.30 සිට 08.45 දක්වා වැලිකඩ සිට කාසල් රෝහල පසු කර ජයවර්ධනපුර පාරේ පැමිණ බේස් ලයින් පාරෙන් බොරැල්ල දෙසට වාහන ගමන් කිරීමේදී මගී ප්‍රවාහන බස් රථ හැර වෙනත් වාහන සඳහා එම මාර්ගය භාවිත කිරීම තහනම් බව පොලීසිය කියයි.

බොරැල්ල දෙසට යාමට අවශ්‍ය රියදුරන්ට

01 ආයුර්වේද හංදියෙන් කොටා පාරට හරවා බොරැල්ල හංදියෙන් ගමන් කිරිම

02. දේවිබාලිකා හංදියෙන් කනත්ත අයින පාර දිගේ ගොස් කනත්ත වටරවුමෙන් හැරි බේස්ලයින්  පාරේ බොරැල්ලට ගමන් කිරිම

03. ජයවර්ධනපුර පාරේ පැමිණ බේස්ලයින් පාර පසු කර කිංසි පාරට හරවා බෝඞ් පෙදෙසට ගමන් කර බොරැල්ල හරස් පාරෙන් මරදාන පාරට ගමන් කර බොරැල්ලට ගමන් කිරිම

යන විකල්ප මාර්ග භාවිත කළ හැකි බව පොලීසිය කියයි.

SCAN0000